චලන චිත්‍රයේ ඉතිහාසගත ගමන් මඟ

           චලන චිත්‍රයේ ඉතිහාසගත ගමන් මඟ

i රූපය
iv රූපය
iii රූපය
        1824 දී පිටර් මාර්ක් විසින් දෘෂ්ඨියේ අඛණ්ඩතාවය සොයා ගන්නා ලදි . ඒ සමඟම ඔහු විසින් දෘෂ්ඨියේ අඛණ්ඩතාවය එංගලන්තයේ රාජකීය සංගමයට ඉදිරිපත් කරන ලදී. ඔහුගේ මෙම සොයා ගැනීමත් සමඟ චලන චිත්‍රයේ ආරම්භයට මුලික න්‍යාය බිහි විය. ඉන් පසු දෘෂ්ඨිය අඛණ්ඩතාවය ප්‍රයෝජනයට ගනිමින් විවිධ ක්‍රීඩා භාණ්ඩ රැසක් බිහිවිය. එනම් 1825 දී ත්‍රවුමාත්‍රෝප් ( i රූපය ) උපකරණයද, 1832 දී සයිමන් ස්ටැම්ෆර් විසින් සොයාගන්නා ලද පෙනෙකිස්ටිස්කෝප් ( ii රූපය ) යන උපකරණය ද, 1866 දී ෆිලිෆ් බුක් ( iii රූපය ) නැමති ක්‍රමය ද, ඊට පසුව 1887 දී විලියම් හෝනර් විසින් සොඒට්‍රෝරෝප් ( iv රූපය  ) නම් උපකරණය ද සොයා ගන්නා 
ලදි. එම උපකරණයන්ගේ මුල් කාලයේදී තනි රූප දැක ගත හැකි වූ අතර 
පසුකාලීනව එය  මිණිසෙකුගේ හෝ සතෙකුගේ රිද්මයානුකුල චලන ඉරියව් දක්වා වර්ධනය විය.
      
ii රූපය
v රූපය
ඉන් අනතුරුව මැජික් ලන්තැරුම ඇසුරින් 1877 - 1879 අතර කාලය තුල එමිල් රෙනොල්ඞ් විසින් ප්‍රසිනෝස්කෝප් ( v රූපය  )නම් උපකරණය බිහිවිය. එය යථෝක්ත  ක්‍රීඩා භාණ්ඩ වලට වඩා උසස් දියුණු මට්ටමක තිබුණු අතර එය වර්ථමාන ප්‍රොජෙක්ටරයකට සමාන විය. එහි අතින් ඇඳි කාටුන් ජවනිකා තිරයකට පතිත කළ හැකි අයුරින් නිර්මාණය කර තිබීම ඉතා සිත්ඇඳ ගන්නා සුලු විය.  

           මේ අතරම ඉතිහාසගත කරුණක් සිදු වෙමින් පැවතීන එනම් 1972 දී එවකට කැලිෆෝනියානු ආණ්ඩුකාරවරයා වූ ලේලන්ඞ් ස්ටැන්ෆර්ඞ් ඔහුගේ තුරඟ තරඟ ඔට්ටු තැබිමකදී තවත් ඔට්ටු තබන්නෙකු සමඟින් තැබූ පුදුමාකාර ඔට්ටුවක් නිසාවෙනි. එනම් අශ්වයෙකු එක හැල්මේ වේගයෙන් දුවන විට දී එම එක් තත්පරයක දී එම අශ්වයාගේ පාද 04 ම අවකාශයේ රැඳී තිබෙන බව පැවසීමයි. ඔහු එම ඔට්ටු තබන්නා  හට පැවසුවේ තමා කෙසේ හෝ මෙය ඔප්පු කරන බවයි. මේ හේතුවෙන් ආණ්ඩුකාරවරා විවිධ පුද්ගලයින් සෙවු අතර ඔහුට අවසානයේ දී පුද්ගලයෙකු හමු විය. එනම් ඉංග්‍රීසි ජාතික ඡායාරුප ශිල්පියෙකු වු එඞ්වඞ් මයුබි්‍රජ්ය. ආණ්ඩුකාරවරයා මෙය ඔහු හට පැවසීය. ආණ්ඩුකාරවරයාගේ මූලික අරමුණ වූයේ කෙසේ හෝ තම ඔට්ටුව ජයග්‍රහණය කිරීමයි.
        ඒ අනුව ම්‍යුබි්‍රජ් සැළසුමක් සකස් කරන්නට විය. එනම් ඔහු විසින් ආණ්ඩුකාරවරයාගේ ගොවිපලේ කැමරා 12ක් සවිකර එම කැමරා වලට අශ්වයා දුවන් මාර්ගය හරහා නුලක් ඇඳ එම නූල කැමරාවට සවි කිරීමයි. මෙහිදී ඔහුට අශ්වයා වේගයෙන් දුවන විට එම නූල් කැඩී කැමරාවෙ ෂටරය ක්‍රියාත්මක වී ඉතා කෙටි කාලයකින් ඡායාරුප 12 ක්ලබා ගත හැකි විය. මේ අනුව මෙය ඉතිහාසයේ පළමු චලනය වන වස්තුවක රුපාවලිය ( vi රූපය )  බවට පත් විය. එය ලෝක ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබීමට සමත් විය.
vi රූපය
        1874 වසරේ දී ප්‍රංශ ජාතික පියරේ ජුල්ස් ජෙන්සන් ඡායාරුප තුවක්කුව සෑදීමට සමත් විය. එය යම්තාක් දුරකට චලන රූප ගත හැකි වුවද එය එතරම් සාර්ථක නොවීය. නමුත් ප්‍රංශ ජාතිකයෙකුම වන ජුල්ස් මරේ විසින් ජෙන්සන් ගේ ක්‍රමයම අනුගමනය කරමින් ඊට මදක් සමාන නමුත් එම යන්ත්‍රයට වඩා විධිමත් පහසුවෙන් අතේ රැගෙන යා හැකි ඡායාරුප රයිෆලය නම් වු උපකරණය නිපද වීය. ඒ 1881 ත් 1883 ත් අතර කාලය තුලදීය. මේ කාලය වන විට ජෝර්ජ් ඊස්ට්මන් කොඩැක් පෙට්ටි කැමරාව හා 120 කොඩැක් පටල පටිය සොයා ගන්නා ලදි. ඒ 1854 දී ය. තෝමස් අල්වා එඩිසන් යනු ප්‍රකට විද්‍යඥයෙකි. ඔහුද මේ කාලය වන විට ඔහුගේ සඟයා වූ ඩික්සන් සමඟ එක්ව වස්තුවක චලනය රූප ගත කර ගැනීමට විවිධ පර්යේෂන සිදු කරමින් සිටියේය. ඒ අනුව ඔවුන් දෙදෙනා විසින් 1888 දී  කිනෙටෝග්‍රාෆ් නම් උපකරණය තැනීය. එම උපකරණයේ චලන රූප ගැනීම හා නැරඹීම යන දෙ අංශය කෙරෙහිම අවධානය යොමු කර තිබුණි. මේ අතරම ඩික්සන් ඩිසින් ඊස්ට්මන්ගේ තිරස් අතට ධාවනය වූ 120 කොඩැක් පටල පටිය තිරස් අතට ධාවනය කිරීම සඳහා එහි සිදුරු විදින ලදි. ඒත් සමඟම 1891 දී ලොව ප්‍රථම චලන රූප රංගනය ලෙස ෆ්‍රෙඞ් ඔට්සගේ කිඹිසුම අරින දර්ශනය ඉතිහාස ගත විය. ඒ අනුව එඩිසන් 1893 දී බ්ලැක් මාරියා නම් වූ ලොව ප්‍රථම චිත්‍රාගාරය ද තනන ලදි. එය සිනමා ඉතිහාසයේ තවත් එක් පෙරළියක් කිරීමට සමත් විය. පසුව ඔහු විසින්ම මෙම චලන රූප නැරඹීම සඳහා කිනේටෝස්කෝප් නම් යන්ත්‍රය තැනීමට සමත් විය. එය එඩිසන් පීප් ෂෝව් නමින් හඳුන්වනු ලැබිණි.
        මෙලෙස එඩිසන් විසින් චලන චිත්‍රපට ප්‍රදර්ශණ සිදු කරමින් යන අතර තුර එය නැරඹීමට විශේෂ තරුණයින් දෙදෙනෙකු පැමිණියහ. ඔවුන් නම්  ඕගස්ටී ලුමියර් සහා ලුසී ලුමියර් නම් දෙසොහොයුරන් ය. ඔවුන් දෙදෙනා  විසින් 1894 වර්ෂයේ දී එඩිසන් විසින් තනනු ලැබූ කිනේටෝස්කෝප් නම් යන්ත්‍රය තුන් ආකාරයකින් වර්ධනය කළහ. ඒ එය පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි, රූපගත කළ හැකි හා මුද්‍රණය කිරීමත් ප්‍රක්‍ෂේපණය කිරීමත් යන අංග සියල්ල ඉටු කර ගත හැකි පරිද්දෙනි. එය සිනෙමොටෝග්‍රාෆ් ( vii රූපය ) යන්ත්‍රය නම් විය. ඊට පසු 1895 දෙසැම්බර් මස 28 වැවි දින ප්‍රංශයේ පැරිස් නුවර ග්‍රාන්ද් කැෆේ නම් ආපන ශාලාවේ බිම් මහලේ කුටියකදී ලොව ප්‍රථම චලන චිත්‍රය මහජන ප්‍රදර්ශණය විය. පැරිස් සීඝ්‍රගාමි දුම්රිය පැමිණිම, ළදරුවෙකුගේ කැම වේල, වැඩකරන කම්මල් කරුවා, සෙල්ලම් කරන ළමයි හා නගරයේ විදි වල ලමයින්ගේ දර්ශණයි. ඒත් සමඟම සිනමාව නම් පර්යාත පදයද එක් විය. අනතුරුව චලන රූපය හෙවත් සිනමාවේ ආරම්භය සිදු විය.            
   
 vii රූපය


   















   

Comments

Popular posts from this blog