චලන චිත්‍රයේ ඉතිහාසගත ගමන් මඟ

චලන චිත්‍රයේ ඉතිහාසගත ගමන් මඟ i රූපය iv රූපය iii රූපය 1824 දී පිටර් මාර්ක් විසින් දෘෂ්ඨියේ අඛණ්ඩතාවය සොයා ගන්නා ලදි . ඒ සමඟම ඔහු විසින් දෘෂ්ඨියේ අඛණ්ඩතාවය එංගලන්තයේ රාජකීය සංගමයට ඉදිරිපත් කරන ලදී. ඔහුගේ මෙම සොයා ගැනීමත් සමඟ චලන චිත්‍රයේ ආරම්භයට මුලික න්‍යාය බිහි විය. ඉන් පසු දෘෂ්ඨිය අඛණ්ඩතාවය ප්‍රයෝජනයට ගනිමින් විවිධ ක්‍රීඩා භාණ්ඩ රැසක් බිහිවිය. එනම් 1825 දී ත්‍රවුමාත්‍රෝප් ( i රූපය ) උපකරණයද, 1832 දී සයිමන් ස්ටැම්ෆර් විසින් සොයාගන්නා ලද පෙනෙකිස්ටිස්කෝප් ( ii රූපය ) යන උපකරණය ද, 1866 දී ෆිලිෆ් බුක් ( iii රූපය ) නැමති ක්‍රමය ද, ඊට පසුව 1887 දී විලියම් හෝනර් විසින් සොඒට්‍රෝරෝප් ( iv රූපය ) නම් උපකරණය ද සොයා ගන්නා ලදි. එම උපකරණයන්ගේ මුල් කාලයේදී තනි රූප දැක ගත හැකි වූ අතර පසුකාලීනව එය මිණිසෙකුගේ හෝ සතෙකුගේ රිද්මයානුකුල චලන ඉරියව් දක්වා වර්ධනය විය. ii රූපය v රූපය ඉන් අනතුරුව මැජික් ලන්තැරුම ඇසුරින් 1877 ...